2020 රාජ්‍ය වෙසක් උත්සවය අද දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ඒ අනුව රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව වෙසක් දින සැමරුම් මුද්දර 4 ක් හා මුල් දින කවර එළිදැක්විණි.

රාජ්‍ය වෙසක් උත්සවයෙදී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ග මහා පණ්ඩිත අති පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමි, මල්වතු පාර්ශවයේ අනුනායක රාජකීය පණ්ඩිත අති පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක හිමි, අස්ගිරි පාර්ශවයේ අනුනායක දර්ශනපති අති පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි අනුනායක හිමි හා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අති පුජ්‍ය මාතලේ ධම්මකුසල නාහිමි රාජ්‍ය වෙසක් උත්සවයේදී අනුශාසනා පැවැත් වූ අතර ගරුතර සංඝරත්නය ඇතුළු මැතිඇමතිවරු මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද එක්ව සිටියහ.

Image may contain: 2 people, people sitting and child

Image may contain: 1 person, sitting, standing and child

Image may contain: 1 person, standing, wedding and indoor

Image may contain: 2 people, wedding and indoor

Image may contain: 1 person, sitting, guitar and wedding

Image may contain: 4 people, people sitting, people standing and wedding

Image may contain: 1 person, stripes and outdoor