තලගල ධම්මරතනාභිධාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ස්වකීය ගුරු දේවෝත්තම පූජ්‍ය බොලබොටුවේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රී නාමය සිහිගන්වමින් ශ්‍රී සුමංගල දහම් පාසල ආරම්භ කෙරිණි.

ක්‍රිගවග 1826 වර්ෂයේදී සිසු සිසුවියන් අට දෙනෙකුගෙන් පමණ අප දහම් පාසලට මූලාරම්භය ගෙන තිබේග ඔලබොඩුවල තලගලල බටුවිටල කහටපිටිය යන ප්‍රධාන ග්‍රාමයන් මුල් කරගෙන ආරම්භ කළ අප දහම් පාසල මේවන විට ප්‍රදේශ ගණනාවක් පුරා විහිදී පැතිරී සිසු සිසුවියන් විශාල පිරිසකට දහම් අධ්‍යාපනය බෙදා දීමට සමත් වී තිබේ.
කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ශිෂ්‍ය පිරිසක් අධ්‍යාපනය ලබන අප දහම් පාසල සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍ය දෙකෙන්ම අධ්‍යයන කටයුතු සිදු කරනු ලබයිග 60කට අධික ආචාර්ය මණ්ඩලයක මග පෙන්වීම මත 1600කට අධික ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසකට මේවන විට දහම් අධ්‍යාපනය ලබාදීමට සමත් වී තිබේ.


හොරණ ශාසනාරක්ෂක බලමණ්ඩලයට අයත් අප දහම් පාසලේ මුඛ්‍ය පරමාර්ථය වනුයේ ර්‍ණසාධුජන සමාජයක් බිහිකිරීමත් එහිලා විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විහාරස්ථ මහ සඟ රුවන හා ආචාර්ය මණ්ඩලයේ නිස්සාරණාභ්‍යාසයෙන් අපමණ මෙහෙයක් සිදු කරනු ලබයි.
වර්තමානයේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ධූරය හොබවනු ලබන්නේ අති පූජ්‍ය උඩුවේ හේමාලෝක මාහිමිපාණන් වහන්සේය